Showing posts with label ආගිය කතා. Show all posts
Showing posts with label ආගිය කතා. Show all posts

Monday, July 30, 2012

Top Up Cards මාෆියාවට හසුවුණු අන්කල් [ආගිය කතා]

අපි දන්නවා ඔය තාක්ෂණේ දියුණුවත් එක්ක අපි අතට ආපු ජංගම දුරකතනය මුලින් පසුගෙවුම් බිල් ක්‍රමයේ සිට පෙරගෙවුම් ගිණුම් අගය ඉහල නැංවීමේ කාඩ්පත් ක්‍රමය හෙවත් “ටොප් අප්“ කාඩ් ක්‍රමය දක්වා ඇවිත් අද රීලෝඩ් ක්‍රමයටත් ඇවිත්. මේ කියන්න හදන්නේ පහුගිය කාලෙක අත්විඳපු රසබර ආගිය කතාවක්.

  දවසක් මාත් මගේ ලඟ මිත්‍රයෙකුත් පොදු ප්‍රවාහන බසයකට ගොඩවුනා. මගේ මිත්‍රයානම් ලෝක අණ්ඩපාලයෙක්. මිනිහගේ අතේ බෑග් එකකුත් තිබුණා. මිනිහා බස් එකට නැගලා ගිහින් නතරවුනේ බොහොම වැදගත් විදියට ඇඳ පැලඳගත්තු මහත්තයෙක් වාඩිවෙලා හිටපු අසුනක් ලඟ. මගේ මිත්‍රයා තඩි මල්ලකුත් අරන් එතනට ආවම ඒ මහත්තයා ටිකක් නොරිස්සුම් සහගතව බලලා එයාගේ උකුලේ තිබුණු මල්ල තවත් උකුලට තදකරගත්තා මිසක් මගේ මිත්‍රයගේ මල්ල ගන්නවා තියා හිතුවෙවත් නෑ. මගේ මිත්‍රයට මේකට සෑහෙන්න මල පැන්නා.ඒත් ඒ වගක් නැතුව අමාරුවෙන් රැක් එකට මල්ල දැම්ම මගේ මිත්‍රයා එතන හිටගෙන ඉන්නවා.