Wednesday, August 1, 2012

ගවුම් කෑලි ලියන බ්ලොග්වලට ප්‍රතිචාර වැඩි ඇයි...?


වරක් ප්‍රංශ ලේඛකයෙක් අපූරු ප්‍රකාශයක් කලහ. ඔහුගේ ප්‍රකාශය අනුව “ ඇතැම් කාන්තාවන් තමන් කාන්තාවක් වීම පිළිබඳව කණගාටුවෙති..
නමුත් ඔවුන් කණගාටුවිය යුත්තේ පුරුෂයන් නැති ලොවක කාන්තාවන් වීම ගැන පමණි..“ එම ප්‍රකාශයේ අන්තර්ගත සංකල්පය එතරම් සංකීර්ණ යමක් නොවේ. එසේනම් පුරුෂයන් මේ ලොව වසන තාක්කල් කාන්තාවන්ට වුවමනාවටත් වඩා තැන ලැබෙනු ඇත. 

  සිංහල බ්ලොග් අවකාශයට පය ගසා වසර කීයක් ගියාද යන්න ඔබට වැඩක් නොවනු ඇත එහෙම මේ කාල පරිච්ඡේදය පුරාවට මා දකින පොදු ලක්ෂණය නම් ගවුම් කෑල්ලක් ලෙසින් සාමාන්‍ය පාරිභාෂීකව ඉදිරිපත් කලත් කාන්තාවක් ලියන බ්ලොග් අඩවි ලබන ප්‍රතිචාර පිළිබඳවයි. එම ප්‍රතිචාර කොතරම් ඉහලද යන්න ඔබටම දැකගත හැකිවනු ඇත. එසේම කෙටි කලක් තුල ඉතා ඉහල ප්‍රතිචාර ලබාගැනීමට සැක නැතිවම හැකිබව සහතිකය. 


   ඕනෑම කෙල්ලෙක් කෙසේ හෝ බ්ලොග් එකක් අටවාගෙන තමන්ගේ මූණත් තහඩුවම නැතත් කාගේ හෝ ඇහැට කණට පේන මූණත් තහඩුවක් (තමන්ගේ තහඩුව හැඩ නැතිනම්) යොදාගෙන ගිණුමක් නිර්මාණය කරගෙන මොකක් හෝ මාතෘකා කරගෙන දෙයක් ලියනු ඇත. බොහෝවිට ලියන්නේ බූට් කෑම් ගැනය, නැත්නම් හුරතල් කවි හෝ කතා, එසේත් නැත්නම් තමන් මිතුරියන් සමග එකතුව කරන විගඩම්ය. මෙසේ ක්ෂේත්‍රයට අවතීර්ණ වන බොහොමයක් “බ්ලොග් දූතිකාවන්“ මුලින්ම කියන්නේ “අනේ යාළුවනේ මට එච්චරටම ලියන්න බෑ..මට පුළුවන් විදියට ලියනවා...ඔයාලගේ අදහස් වටිනවා මට..ඒක නිසා ඒක අමතක නොකර ලියලා යන්න..“ දැන් වැඩේ හරියටම හරිය..කොල්ලන් පොදිකමින් කමෙන්ට් කරති, ෆලෝ කරති..ලින්ක් හුවමාරු කරති..පුළුවන්නම් ඉඩක් ලද විට තමන්ගේ ලිපි වලද මේ බ්ලොග් ගැන ලියති. දැන් ඉතින් අර ලියන්නට බැරි බ්ලොග් දූතිකාව ගොඩය. ඉන්පසුව ඕනම කුණුහර්පයක් ලිව්වත් ප්‍රතිචාරනම් අඩුවක් නැත. සිංහල බ්ලොග් අවකාශයේ පමණක් නොව ලෝක සම්මත තත්වය මෙය බව කිව යුතුය. එය එසේ නොවන්නේද යන්න පටු සංකල්ප වලින් හිත වසාගන්නේ නැතිව සිතා බැලිය හැකිනම් අගනේය.

   එය එසේ සම්මතයක් බවට පත්වූවා කියා කහටගහ අලගියවන්න වන මට ගැටළුවක් නැත. නමුත් හිස් ස්ථරයන්ගෙන් වැසී යන වටිනා පාෂාණ ගැන අවංක කණගාටුවක් ඇත. සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අතරින් උපරිම 10% ක් වැදගත් මෙන්ම හොඳයැයි පැසසිය හැකි නිර්මාණ, සංකල්ප මෙන්ම වටිනා ප්‍රවාදද බිහිකරමින් සිටිති, ඔවුන් එම නිර්මාණ වලට ලැබෙන විචාරයන් මත ඒවා තවත් සංවර්ධනය කරමින් සිටී. ඒ අතර කාන්තා බ්ලොග්කාරියන්ද සිටී. නමුත් ඔවුන්ට දිරිගන්වන සුළු තල්ලුවක් ලැබේද යන්න සලකා බැලිය යුත්තකි. බ්ලොග් දූතිකාවන්ගේ නර නැටුම් මධ්‍යයේ “සුදුස්සෝ යටකර පුස්සෝ මතුවීම“ අවාසනාවකි. 

   ලේඛන කලාව යනු සැමටම කල හැකි යමක් නොවේ. ලියන්නට ඕනෑම කෙනෙක් ට හැකිය. නමුත් එයින් කලාවක් බිහිකිරීමට ආවාට ගියාට කල හැක්කක් නොවන බව මෙම බ්ලොග් දූතිකාවන් මෙන්ම ඔවුන්ගේ ගවුම් කෑලිවල සුවඳට ඉවකරන් බ්ලොග් දූතයන්ටද නොවැටහීම අභාග්‍යයකි. නමුත් ඕනෑම රැල්ලක කෙළවරක් ඇත. ඒ කෙළවර සැබෑ නිර්මාපකයාට සාධාරණ තැන ලැබෙනු ඇත. එදිනට බ්ලොග් දූතිකාවන්ගේ ගවුම් සේදීමට හිතවත් බ්ලොග් දූතයන්ට සිදුවනු ඇත. මේ කාරණය සත්‍යද අසත්‍යද යන්න සැබෑ හෘදසාක්ෂියෙන් විමසා බලන ලෙස ඉල්ලා සිටිමි.  

4 comments:

  1. ඔව් බ්ලොග් දූතිකාවන් විතරක් නෙමෙයි දූතයොත් මෙලෝ රහක් නැති ඒවා ලියනවා.කුනුහරපයක් රස කරලා දාපුවම ඒක තමා අපේ බ්ලොග් අයියලාගේ ලිපි.වැදගත් යමක් ලියන බ්ලොග් ඉතා අඩුයි.එහෙම ඒවා ලීවත් ඒවාට ප්‍රතිචාර හරිම අඩුයි.අපේ අයියලා බ්ලොග් අඩවියකට යන්නේ ඒක කවුද ලියලා තියෙන්නේ කයලා බලලා.පස්සේ් ඉතින් දූතිකාවක් කියලා දැනගත්තාම හැමවේලේම ඉන්නේ ඒකේ.

    එලොවටත් නැති මෙලොවටත් නැති ලිපි කියවලා නිකන් කාලේ නාස්ති කර කර Comment කරනවා.

    බ්ලොග් දූතිකාවන් අතරින් වටිනා ලිපි පලවනවාද යන්න නම් මට තවම කිව නොහැකියි.එහෙම බ්ලොග් මට හම්බවේලා නම් නෑ.දූතිකාවන්ට විතරක් නෙමෙයි බ්ලොග් දූතයන්ටත් මේක පොදුයි.

    ReplyDelete
    Replies
    1. අදහස පිලිගන්නවා ධම්මික සහෝදරයා..ඒත් ඕක බහුතරයක් තේරුම්ගන්නේ නැති එක තමයි ගැටළුව

      Delete
  2. මට තේරෙන විදිහටනම් (මම මගේ බ්ලොග් එක පටන් අරන් තවම අවුරුද්දක් වත් නැහැ. ලිපි 100 සම්පූර්ණ කලෙත් මේ ඊයේ පෙරේදා)බ්ලොග් ලියන සමහර අය හිතාගෙන ඉන්නේ තම මනසේ වැඩෙන ඕනෙම අශික්ෂිත දෙයක් බ්ලොග් එකේ ලිව්වට කමක් නැහැ. ඒක එයාගේ පුද්ගලික දෙයක් කියලා.
    1. පුද්ගලික දෙයක් නම් හැම දෙනාටම කියවිය හැකි පරිදි පල කරන්නේ ඇයි?
    2. ඒ පිලිබඳ විවේචන කරන අයට අපහාස කරන්නේ ඇයි?
    3. කිසිදු සාධනීය තර්කයකින් තොර හිස් සම්පප්‍රලාප වලින් උත්තර දෙන්නේ ඇයි විවේචන වලට.
    4. කාන්තා/පිරිමි යට ඇඳුම්, ලිංගික සංසර්ගය, අනියම් ලිංගික සබඳතා, එදිනෙදා ගෙදරදොර සිට කාර්යාල සමාජය දක්වා ඇති අසම්මත ලිගික ක්‍රියාකාරකම් බ්ලොග් ලිපි සඳහා බහුල ලෙස පදනම් කරගන්නේ ඇයි?
    5. මේවා කියවා හික්ස්/හුක්ස්‌/හැක්ස්/ඩී/පී/පූ/පෝ/ ආදී වශයෙන් ප්‍රතිචාර දක්වන ලොක්කිලා/පොඩ්ඩිලා/සුපාලා/සුපීලා/හිනාවී/මුවාවී/ගෝනාවී/ ආදී පිරිස ඇත්තටම කාන්තා වෙසින් ලියන පිරිමින්ද යන සැකය මතුවෙයි.
    6. ගණිකා වෘත්තීය ලංකාවේ නීතිගත කලයුතු බවත්, එය වැදගත් රැකියාවක් බව පිළිගතයුතු බවත් කියමින් ලිපියක් තම බ්ලොග් එකේ ලියූ (කසුනිද/කැසිනිද/වැසුනිද) ගෙන් මා පුන පුනා ඇසු පැනයට පිළිතුරු නොදී ඇය සූක්ෂ්මව මගහැර ගියාය. මා ඇසුවේ ඔබේ මව දියණිය ඒ රැකියාවේ යෙදීම ඔබ අනුමත කරන්නේද යන්නය.

    ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන බ්ලොග් ප්‍රමාණය හා සාපේක්ෂව බලන කල සිංහල බ්ලොග් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සභ්‍යත්වය නොසලකා ලියන තොරතුරු වලින් අනූනය.

    එවැනි අමන බ්ලොග් ලියන අයගේ භාෂාවෙන් මම පැනයක් අසමි. අනාගතයේදී ඔබේ දුව ඇයගේ බ්ලොග් එකේ මෙහෙම ලිව්වොත් ඔබ එය අනුමත කරනවාද? (ඊයේ මම බස් එකේ යද්දී පට්ට ලුකින් කොල්ලෙක් මට අත දැම්මා, මමත් හිටියා මගේ වගේ නැතුව. මූ මාව තල්ලු කළා පස්ස සීට් එකට මූට ඕනේ උනේ මට දිව දාන්න. හම්මා ... මූ දුන්නා මට ආතල් එකක් ජූස්‌ ගලන්න)මෙය කියවූ දවසට ඔබත් ඔබේ බිරිඳත් ගන්න තීරණය ඔබේ හදවතට අවංකව සිතා බලන්න. ලියන්න එපා. ඔබ බොහෝ විට දෙපිටකාට්ටු චරිත නිසා.

    ReplyDelete
  3. මොකාගෙ ඒවාට කොමෙන්ටු වැටුනද නැතිද උබල ඔරොප්පු වෙන්නේ මොකැයි.ඉරිසියා කරන්ඩ එපා හුත්තෝ තොගේ පක්කාලි ඒවා බලන්ට උන් නැතුව ඇති.

    ReplyDelete