Showing posts with label අන්තර්ජාලය. Show all posts
Showing posts with label අන්තර්ජාලය. Show all posts

Friday, July 27, 2012

හොර පාරෙන් ගිහින් ලංකා-ඊ-නිව්ස් බලන ඇත්තෝ සමානයි...

ඉස්සර ලංකාවේ අන්තර්ජාලය නොතිබුණු කාලයේ ලංකාවේ තිබුණේ බලන්නට රූපවාහිනිය පමණි. නිවසේ සිට වින්දනය ගැන පමණක් කතාකලහොත් එය අදාලය. එකල අසභ්‍ය චිත්‍රපට බැලීම ඉතා අපහසුය. චිත්‍රපට ශාලාවලට ආවත් එන්නේ නිකම්ම නිකං විකාරය, ඒවා බලන්නට හෝල් එකට යනවා අහල පහල මොකෙක් හෝ දැක්කොත් ගමේ ජීවත්වී හමාරය, එසේම ඇටෙන් පොත්තෙන් එලියට ආ කොළු ගැටයන්ටද යම් වින්දනයකට ඉඩක් නොලැබුණු ගානය. නමුත් ඉඳහිට රූපවාහිනියේ යන චිත්‍රපටවල අසභ්‍ය දර්ශන පෙන්වයි. නමුත් සභ්‍යත්වය සලකා බලා එම දර්ශන ප්‍රචාරය වන විට කොටු දමමින් එය නොපෙන්වයි. ටික කලක් ගත වෙද්දී කොළුගැටයන් අපූරු ක්‍රමයක් සොයාගත්හ, එනම් කපු හෝ සිල්ක් වැනි රෙද්දක් ඇසේ ඉදිරියෙන් තබාගෙන බැලූවිට යම්තාක් දුරකට එම දර්ශන දැක ගත හැකිවිය.කොල්ලන්ගේ පැත්තෙන් එය මහා දෙයකි.

   ලංකා ඊ නිව්ස් යනු සිංහල භාෂාවෙන්ම කිවහොත් කැලෑ පත්තරයකි. ලංකාවේ විචාර සම්පන්න මාධ්‍ය කලාවකට තවමත් ඉඩ ඇත. එලෙස විචාර සම්පන්න හා ශිෂ්ට සම්පන්න මාධ්‍ය කලාවකට ඉඩතිබියදී නිර්ධය ලෙස පහර ගසන හා ගැසිය යුතු තැනට නොගසා වටේ අතගාන කැලෑ පත්තර බිහිවීම අභාග්‍යයකි. එයට ඇබ්බැහි වූ පිරිසක් ලංකාවේ ඇත, වැඩිපුරම එහි රසිකයන් වන්නේ විදෙස්ගත ලංකා පුත්‍රයන්ය. මේ කැලෑ පත්තරය තුලින් ඔවුන් සැබෑවට දැකිය නොහැකි දෙයක් දකින්නට උත්සහ කරයි, එනම් තමන්ට දකින්න අවශ්‍ය දේ ඊ නිව්ස් තුලින් යම්තාක් දුරට පෙන්වන නිසා එය දකිති. ලංකා ඊ නිව්ස් අඩවියේ කොලිටිය හෝ එහි තත්වය ඔවුන්ට වැඩක් නැත, එය එක් පැත්තකින් අර පෙර කී රෙදි කෑල්ලක් තියා කොටු දාන දර්ශන බලන කොල්ලන්ගේ ආතල් එකකි..එසේත් නැත්නම් කංසා ගන්න සල්ලි මදිවූ පසු ජෙල් පැකට් එක වතුරේ දමා බොන ගංජාකාරයන්ගේ ප්‍රතිපදාවකි.