Monday, July 30, 2012

Top Up Cards මාෆියාවට හසුවුණු අන්කල් [ආගිය කතා]

අපි දන්නවා ඔය තාක්ෂණේ දියුණුවත් එක්ක අපි අතට ආපු ජංගම දුරකතනය මුලින් පසුගෙවුම් බිල් ක්‍රමයේ සිට පෙරගෙවුම් ගිණුම් අගය ඉහල නැංවීමේ කාඩ්පත් ක්‍රමය හෙවත් “ටොප් අප්“ කාඩ් ක්‍රමය දක්වා ඇවිත් අද රීලෝඩ් ක්‍රමයටත් ඇවිත්. මේ කියන්න හදන්නේ පහුගිය කාලෙක අත්විඳපු රසබර ආගිය කතාවක්.

  දවසක් මාත් මගේ ලඟ මිත්‍රයෙකුත් පොදු ප්‍රවාහන බසයකට ගොඩවුනා. මගේ මිත්‍රයානම් ලෝක අණ්ඩපාලයෙක්. මිනිහගේ අතේ බෑග් එකකුත් තිබුණා. මිනිහා බස් එකට නැගලා ගිහින් නතරවුනේ බොහොම වැදගත් විදියට ඇඳ පැලඳගත්තු මහත්තයෙක් වාඩිවෙලා හිටපු අසුනක් ලඟ. මගේ මිත්‍රයා තඩි මල්ලකුත් අරන් එතනට ආවම ඒ මහත්තයා ටිකක් නොරිස්සුම් සහගතව බලලා එයාගේ උකුලේ තිබුණු මල්ල තවත් උකුලට තදකරගත්තා මිසක් මගේ මිත්‍රයගේ මල්ල ගන්නවා තියා හිතුවෙවත් නෑ. මගේ මිත්‍රයට මේකට සෑහෙන්න මල පැන්නා.ඒත් ඒ වගක් නැතුව අමාරුවෙන් රැක් එකට මල්ල දැම්ම මගේ මිත්‍රයා එතන හිටගෙන ඉන්නවා.


  ටික වෙලාවකින් අර පහල අසුනේ වාඩි වෙලා හිටපු මහත්තයා තමන්ගේ ජංගම දුරකතනය අතට අරගෙන ඇමතුමක් ගන්න හැදුවා. ඒත් මහත්තයාගේ මූණ අප්සට් වුනා. සාක්කුවට අතදාලා යමක් ගත්තා. දැන් මගේ මිත්‍රයා මේ දිහා බලන් ඉන්නවා.මිත්‍රයගේ පිටිපස්සේ හිටපු මටත් මේක පේනවා. මහත්තයා සාක්කුවෙන් ගත්තේ මොබිටෙල් පෙරගෙවුම් කාඩ් එකක්. කාඩ් එක අරගෙන මහත්තයා දඩ බඩ ගාලා හූරනවා..මේ වෙලාවේ යක්ෂයා ගෙනාපු සුන්දර සිතුවිල්ලක් මගේ මිත්‍රයගේ ඔලුවට ආවා. ඌ කරේ තමන්ගේ සාක්කුවේ තිබුණ ජංගම දුරකතනේ අරගෙන දඩබඩ ගාලා අංක කීපයක් එබුවා. *102* ගහගෙන බලාගෙන ඉන්නවා..මටත් දැන් මගේ පාප මිත්‍රයාගේ අමන වැඩේ ඇස්දෙකටම පේනවා..එතකොටම අර වාඩි වෙලා හිටපු මහත්තයා දඩ  බඩ ගාලා කාඩ් එකේ රහස් අංකේ පෝන් එකේ කොටනවා..ඊටත් වඩා ඉක්මණට මගේ මිත්‍රයා කොටනවා.

   කොහොම හරි කොටලා කොටලා ඉවර වෙද්දි මහත්තයට වඩා ඉක්මණට ටයිප් කරලා ඉවර වුනු මගේ අපත මිත්‍රයා ok බොත්තම තදකලේ මගේ දිහා වගේම පෝන් එක දිහාම බලාගෙන තාමත් පරිස්සමින් අංක කොටන මහත්තයා දිහාත් ජයග්‍රාහී බැල්මක් දාන ගමන්..

   ඒත් මගේ මිත්‍රයගේ දුරකතනේ දිස්වුනේ Your pin number is incorrect කියන පණිවිඩය. මේකට පුදුම වුනු මිත්‍රයා අර වාඩිවෙලා හිටපු මහත්තයගේ දුරකතනය දිහා බැලුවා..එතකොටම මහත්තයත් අංක කොටලා ඉවරවෙලා ok බොත්තම එබුවා. එතකොට මහත්තයාගේ දුරකතනයේ දිස්වුනෙත් Your pin number is incorrect කියන පණිවිඩයමයි. මහත්තයගේ ඇස් දෙක ටොම්බ සයිස් වෙලා දුරකතනය දිහා කන්න වගේ බැලුවා..එතකොටම මගේ ජංගම දුරකතනයට රුපියල් 200 ක් ඇතුල් කලා කියලා පණිවිඩයක්  ආවා..කොහොමද වැඩ...හොරුන්ගෙත් හොරු කම්බ හොරු...

2 comments:

  1. patta horu set ekak ne ubala nisa bus wala yannath bayai

    ReplyDelete