Friday, August 3, 2012

Facebook යනු ඔබේ හොටු ලේන්සුව නොවේ..


සමාජයක් යනු විවිධ පුද්ගලයන්ගෙන්,අදහස් හා මතවාදවලින් සහ භෞතික වස්තූන් සමූහයක එකතුවක් නොඑසේනම් ඒවායින් සැදුම්ලත් ස්ථරයක් වේ. සමාජ ජාලයක් යනු එවැනි සමූහයක් හෝ ස්ථරයක් මත ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාර මාධ්‍යයන් උපයෝගීකරගැනීමකි. එවැනි උපයෝජනයකින් බිහිවන්නේ “සමාජ ජාලයක්“ නැමති සංකල්පයකි. මෙම සමාජ ජාල ක්‍රමවත් ආකාරයට(Formal Methods) මෙන්ම අක්‍රමවත් ආකාරයට(Informal Methods) ද නිර්මාණය වේ.

Facebook යන සමාජ ජාලය බිහිවන්නේ ලෝකයේ අන්තර්ජාලය යොවුන් අවධිය පසුකරන විටය. එම සමයේ බොහොමයක් අන්තර්ජාලය සම්බන්ධ නව නිර්මාණ බිහිවුණ සමයකි. මාර්ක් සකර්බර්ග් නැමති පුද්ගලයා ස්වකීය සංකල්පනාත්මක හැකියාව කුසලතාව හා මානසික තත්වය යන සාධක ඒකරාශී කරමින් අහඹුවක් මෙන් බිහිකල Facebook සමාජ ජාලය වර්තමානයේ ලෝකයේ නිම්වලලු පුළුල් කල මෙන්ම මානව සීමාවන් තරණය කල පුළුල් සමාජ ජාලයකි. අද Facebook යයි පැවසූ විට නොදන්නා අයෙක් නැති තරම්ය. එසේම ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක් Facebook භාවිතා කරති. පැනය වනුයේ Facebook යනු සැබෑවටම ඔබේ හොටු ලේන්සුවද යන්නයි.

Wednesday, August 1, 2012

ගවුම් කෑලි ලියන බ්ලොග්වලට ප්‍රතිචාර වැඩි ඇයි...?


වරක් ප්‍රංශ ලේඛකයෙක් අපූරු ප්‍රකාශයක් කලහ. ඔහුගේ ප්‍රකාශය අනුව “ ඇතැම් කාන්තාවන් තමන් කාන්තාවක් වීම පිළිබඳව කණගාටුවෙති..
නමුත් ඔවුන් කණගාටුවිය යුත්තේ පුරුෂයන් නැති ලොවක කාන්තාවන් වීම ගැන පමණි..“ එම ප්‍රකාශයේ අන්තර්ගත සංකල්පය එතරම් සංකීර්ණ යමක් නොවේ. එසේනම් පුරුෂයන් මේ ලොව වසන තාක්කල් කාන්තාවන්ට වුවමනාවටත් වඩා තැන ලැබෙනු ඇත. 

  සිංහල බ්ලොග් අවකාශයට පය ගසා වසර කීයක් ගියාද යන්න ඔබට වැඩක් නොවනු ඇත එහෙම මේ කාල පරිච්ඡේදය පුරාවට මා දකින පොදු ලක්ෂණය නම් ගවුම් කෑල්ලක් ලෙසින් සාමාන්‍ය පාරිභාෂීකව ඉදිරිපත් කලත් කාන්තාවක් ලියන බ්ලොග් අඩවි ලබන ප්‍රතිචාර පිළිබඳවයි. එම ප්‍රතිචාර කොතරම් ඉහලද යන්න ඔබටම දැකගත හැකිවනු ඇත. එසේම කෙටි කලක් තුල ඉතා ඉහල ප්‍රතිචාර ලබාගැනීමට සැක නැතිවම හැකිබව සහතිකය. 

Monday, July 30, 2012

Top Up Cards මාෆියාවට හසුවුණු අන්කල් [ආගිය කතා]

අපි දන්නවා ඔය තාක්ෂණේ දියුණුවත් එක්ක අපි අතට ආපු ජංගම දුරකතනය මුලින් පසුගෙවුම් බිල් ක්‍රමයේ සිට පෙරගෙවුම් ගිණුම් අගය ඉහල නැංවීමේ කාඩ්පත් ක්‍රමය හෙවත් “ටොප් අප්“ කාඩ් ක්‍රමය දක්වා ඇවිත් අද රීලෝඩ් ක්‍රමයටත් ඇවිත්. මේ කියන්න හදන්නේ පහුගිය කාලෙක අත්විඳපු රසබර ආගිය කතාවක්.

  දවසක් මාත් මගේ ලඟ මිත්‍රයෙකුත් පොදු ප්‍රවාහන බසයකට ගොඩවුනා. මගේ මිත්‍රයානම් ලෝක අණ්ඩපාලයෙක්. මිනිහගේ අතේ බෑග් එකකුත් තිබුණා. මිනිහා බස් එකට නැගලා ගිහින් නතරවුනේ බොහොම වැදගත් විදියට ඇඳ පැලඳගත්තු මහත්තයෙක් වාඩිවෙලා හිටපු අසුනක් ලඟ. මගේ මිත්‍රයා තඩි මල්ලකුත් අරන් එතනට ආවම ඒ මහත්තයා ටිකක් නොරිස්සුම් සහගතව බලලා එයාගේ උකුලේ තිබුණු මල්ල තවත් උකුලට තදකරගත්තා මිසක් මගේ මිත්‍රයගේ මල්ල ගන්නවා තියා හිතුවෙවත් නෑ. මගේ මිත්‍රයට මේකට සෑහෙන්න මල පැන්නා.ඒත් ඒ වගක් නැතුව අමාරුවෙන් රැක් එකට මල්ල දැම්ම මගේ මිත්‍රයා එතන හිටගෙන ඉන්නවා.

Friday, July 27, 2012

හොර පාරෙන් ගිහින් ලංකා-ඊ-නිව්ස් බලන ඇත්තෝ සමානයි...

ඉස්සර ලංකාවේ අන්තර්ජාලය නොතිබුණු කාලයේ ලංකාවේ තිබුණේ බලන්නට රූපවාහිනිය පමණි. නිවසේ සිට වින්දනය ගැන පමණක් කතාකලහොත් එය අදාලය. එකල අසභ්‍ය චිත්‍රපට බැලීම ඉතා අපහසුය. චිත්‍රපට ශාලාවලට ආවත් එන්නේ නිකම්ම නිකං විකාරය, ඒවා බලන්නට හෝල් එකට යනවා අහල පහල මොකෙක් හෝ දැක්කොත් ගමේ ජීවත්වී හමාරය, එසේම ඇටෙන් පොත්තෙන් එලියට ආ කොළු ගැටයන්ටද යම් වින්දනයකට ඉඩක් නොලැබුණු ගානය. නමුත් ඉඳහිට රූපවාහිනියේ යන චිත්‍රපටවල අසභ්‍ය දර්ශන පෙන්වයි. නමුත් සභ්‍යත්වය සලකා බලා එම දර්ශන ප්‍රචාරය වන විට කොටු දමමින් එය නොපෙන්වයි. ටික කලක් ගත වෙද්දී කොළුගැටයන් අපූරු ක්‍රමයක් සොයාගත්හ, එනම් කපු හෝ සිල්ක් වැනි රෙද්දක් ඇසේ ඉදිරියෙන් තබාගෙන බැලූවිට යම්තාක් දුරකට එම දර්ශන දැක ගත හැකිවිය.කොල්ලන්ගේ පැත්තෙන් එය මහා දෙයකි.

   ලංකා ඊ නිව්ස් යනු සිංහල භාෂාවෙන්ම කිවහොත් කැලෑ පත්තරයකි. ලංකාවේ විචාර සම්පන්න මාධ්‍ය කලාවකට තවමත් ඉඩ ඇත. එලෙස විචාර සම්පන්න හා ශිෂ්ට සම්පන්න මාධ්‍ය කලාවකට ඉඩතිබියදී නිර්ධය ලෙස පහර ගසන හා ගැසිය යුතු තැනට නොගසා වටේ අතගාන කැලෑ පත්තර බිහිවීම අභාග්‍යයකි. එයට ඇබ්බැහි වූ පිරිසක් ලංකාවේ ඇත, වැඩිපුරම එහි රසිකයන් වන්නේ විදෙස්ගත ලංකා පුත්‍රයන්ය. මේ කැලෑ පත්තරය තුලින් ඔවුන් සැබෑවට දැකිය නොහැකි දෙයක් දකින්නට උත්සහ කරයි, එනම් තමන්ට දකින්න අවශ්‍ය දේ ඊ නිව්ස් තුලින් යම්තාක් දුරට පෙන්වන නිසා එය දකිති. ලංකා ඊ නිව්ස් අඩවියේ කොලිටිය හෝ එහි තත්වය ඔවුන්ට වැඩක් නැත, එය එක් පැත්තකින් අර පෙර කී රෙදි කෑල්ලක් තියා කොටු දාන දර්ශන බලන කොල්ලන්ගේ ආතල් එකකි..එසේත් නැත්නම් කංසා ගන්න සල්ලි මදිවූ පසු ජෙල් පැකට් එක වතුරේ දමා බොන ගංජාකාරයන්ගේ ප්‍රතිපදාවකි.

Thursday, July 26, 2012

නිදහස් අධ්‍යාපනයේ සැබෑ පියා SB දිසානායකය

නිදහස් චතුරස්‍රය ආසන්නයේ මහත් කාලගෝට්ටියකි. එක්පසෙක ප්‍රතිමාව ක් විවෘත කිරීම සඳහා සූදානමක් පවතී. පොලිස්  හා හමුදා ආරක්ෂාව එයට නොමදව ලැබී ඇත. අනෙක්පස විශ්වවිද්‍යාල සිසුන් මහ හඬින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වෙති. පොලීසිය  බැරැක්ක දමා ඔවුන් වලකාලමින් සිටී. අනෙක් අන්තයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පාසල් ගුරු භවතුන් උඩබිම බලමින් නිශ්ශබ්දතාව රකිමින් අතේ පයේ ඇඟිලිවල නියපොතු හපමින්,බුලත්විට චුයින්ගම් හපමින් සිටිති.

   එවිට මහා සංගීත හා අත්පොලසන් නාදයක්  දක්විමින් සුඛෝපභෝගී බස් රථයකින් පැමිණියේ සිසුන් කණ්ඩායමකි. අව්කණ්ණාඩි, කෝඩ් සපත්තු දමාගෙන එලොවින් බසින්නට මෙන් උත්සව භූමියට පැමිණ එහෙ මෙහෙ බලන්නට විය.