Friday, August 3, 2012

Facebook යනු ඔබේ හොටු ලේන්සුව නොවේ..


සමාජයක් යනු විවිධ පුද්ගලයන්ගෙන්,අදහස් හා මතවාදවලින් සහ භෞතික වස්තූන් සමූහයක එකතුවක් නොඑසේනම් ඒවායින් සැදුම්ලත් ස්ථරයක් වේ. සමාජ ජාලයක් යනු එවැනි සමූහයක් හෝ ස්ථරයක් මත ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාර මාධ්‍යයන් උපයෝගීකරගැනීමකි. එවැනි උපයෝජනයකින් බිහිවන්නේ “සමාජ ජාලයක්“ නැමති සංකල්පයකි. මෙම සමාජ ජාල ක්‍රමවත් ආකාරයට(Formal Methods) මෙන්ම අක්‍රමවත් ආකාරයට(Informal Methods) ද නිර්මාණය වේ.

Facebook යන සමාජ ජාලය බිහිවන්නේ ලෝකයේ අන්තර්ජාලය යොවුන් අවධිය පසුකරන විටය. එම සමයේ බොහොමයක් අන්තර්ජාලය සම්බන්ධ නව නිර්මාණ බිහිවුණ සමයකි. මාර්ක් සකර්බර්ග් නැමති පුද්ගලයා ස්වකීය සංකල්පනාත්මක හැකියාව කුසලතාව හා මානසික තත්වය යන සාධක ඒකරාශී කරමින් අහඹුවක් මෙන් බිහිකල Facebook සමාජ ජාලය වර්තමානයේ ලෝකයේ නිම්වලලු පුළුල් කල මෙන්ම මානව සීමාවන් තරණය කල පුළුල් සමාජ ජාලයකි. අද Facebook යයි පැවසූ විට නොදන්නා අයෙක් නැති තරම්ය. එසේම ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක් Facebook භාවිතා කරති. පැනය වනුයේ Facebook යනු සැබෑවටම ඔබේ හොටු ලේන්සුවද යන්නයි.

Wednesday, August 1, 2012

ගවුම් කෑලි ලියන බ්ලොග්වලට ප්‍රතිචාර වැඩි ඇයි...?


වරක් ප්‍රංශ ලේඛකයෙක් අපූරු ප්‍රකාශයක් කලහ. ඔහුගේ ප්‍රකාශය අනුව “ ඇතැම් කාන්තාවන් තමන් කාන්තාවක් වීම පිළිබඳව කණගාටුවෙති..
නමුත් ඔවුන් කණගාටුවිය යුත්තේ පුරුෂයන් නැති ලොවක කාන්තාවන් වීම ගැන පමණි..“ එම ප්‍රකාශයේ අන්තර්ගත සංකල්පය එතරම් සංකීර්ණ යමක් නොවේ. එසේනම් පුරුෂයන් මේ ලොව වසන තාක්කල් කාන්තාවන්ට වුවමනාවටත් වඩා තැන ලැබෙනු ඇත. 

  සිංහල බ්ලොග් අවකාශයට පය ගසා වසර කීයක් ගියාද යන්න ඔබට වැඩක් නොවනු ඇත එහෙම මේ කාල පරිච්ඡේදය පුරාවට මා දකින පොදු ලක්ෂණය නම් ගවුම් කෑල්ලක් ලෙසින් සාමාන්‍ය පාරිභාෂීකව ඉදිරිපත් කලත් කාන්තාවක් ලියන බ්ලොග් අඩවි ලබන ප්‍රතිචාර පිළිබඳවයි. එම ප්‍රතිචාර කොතරම් ඉහලද යන්න ඔබටම දැකගත හැකිවනු ඇත. එසේම කෙටි කලක් තුල ඉතා ඉහල ප්‍රතිචාර ලබාගැනීමට සැක නැතිවම හැකිබව සහතිකය.